රජයේ දැනුවත්කිරීම් නොතකා අනීතික ලෙස මියන්මාර් සයිබර් අපරාධ කඳවුරුවල සේවයට ගිය තවත් ලාංකික පිරිසක් එහි සිරව සිටින බවට රජයට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශ කර තිබෙනවා
රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් එරට අඩස්සියේ සිටින පිරිස් මුදාගන්නා පසුබිමක මියන්මාර හමුදා ආණ්ඩුවේ සෘජු පාලනයට යටතේ නොවන පෙදෙස්වලට ඇතුළුවීමෙන් මෙම පිරිස් මෙසේ අඩස්සියට පත්ව ඇතැයි එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණා.
2024 නොවැම්බර් 25 වන දා 32ක්, 2024 දෙසැම්බර් 16 වන දා 27ක්, 2025 මාර්තු 18 වන දා 14ක් හා 2025 මැයි 07 වන දා 15ක් ආදී වශයෙන් පුද්ගලයන් 88 දෙනෙකු මෙසේ විටින් විට මුදාගනිමින් නැවත ලංකාවට ගෙන්වාගැනීමට රජය පසුගිය කාලයේ කටයුතු කර තිබෙන. බවද ඔවුන් පවසා තිබුණා.
මෙම සිදුවීම මේ වනවිට කලාපීය ගැටලුවක සිට ගෝලීය ආරක්ෂක තර්ජනයක් දක්වා පුළුල් වී ඇතැයි ද රජයේ අවවාදය නොතකා කෙරෙන මෙම නීතිවිරෝධී සංක්‍රමණවලින් අඩස්සියට පත්වන්නන් බේරාගැනීම අමතර බරක් බවට පත්ව ඇතැයි ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.
නීතිවිරෝධීව සිදුකෙරෙන මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ද කලක් තිස්සේ ජනතාව දැනුවත් කරමින් සිටින බවද ඔවුන් පවසා සිටියා.