මියන්මාරයේ සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිටි තවත් ලාංකිකයන් හය දෙනෙක් මුදාගෙන ඇති බව වාර්තා වනවා.
මියන්මාරයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ මේ වන විට එම පිරිස එරට හමුදා කඳවුරක සිටින බවයි.
මින් පෙර තොරතුරු ලැබී තිබුනේ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකුට අධික පිරිසක් සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් මියන්මාරයේ රඳවා සිටින බවයි.
එලෙස බලහත්කාරයෙන් රඳවාගෙන සිටින පිරිස සංචාරක වීසා මත රැකියා සඳහා ගිය පිරිසක් බවද වාර්තා වනවා.
මින් පෙර අවස්ථා කිහිපයකදී මෙලෙස සයිබර් අපරාධ සඳහා බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටි ලාංකිකයන් පිරිසක් දැඩි පරිශ්‍රමයකින් පසුව මුදා ගනු ලැබුවා.










