මිනිපේ වම් ඉවුරු ඇල පුනරුත්තාපන ව්‍යාපෘතිය කඩිනම් කර ඉදිරි මහ කන්නයට පෙර එහි ප්රතිලාභ ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මිනිපේ අමුණ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.
වසර 3කට අධික කාලයක් මෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වී තිබුණා.
එමෙන්ම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු වෙනුවෙන් මෙරට ඉංජිනේරු පීඨ සිසුන්ගේ සහය ලබා ගැනීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර විශේෂ සැලැස්මකට අනුව මහනුවර නගරය සංවර්ධනය කිරීම සදහා ජනාධිපතිවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.