සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ නවසීලන්ත කණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක මිචෙල් සැට්නර් නම් කර තිබෙනවා. නවසීලන්ත නිත්‍ය නායක ටොම් ලේතම් මේ වන විට උරහිසේ ආබාධයකට ලක්ව සිටිනවා. මේ අනුව ඔහු දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් නිවේදනය කර ඇත්තේ. මේ හේතුවෙන් නවසීලන්ත සීමිත පන්දුවාර තරගවල නායකයා වන මිචෙල් සැට්නර්ට මෙම වගකීම ලැබී ඇති බව සඳහන්. ඒ අනුව නවසීලන්ත පිරිමි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් මෙහෙයවන 32 වැනි නායකයා මිචෙල් සැට්නර් වනු ඇති.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














