මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 118 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම සමත් වුණා.
කොළඹ කොල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් පමණක් දැවී ලකුණු 166ක් රැස් කළා.
කෙසේ වෙතත් ලකුණු 167 ක ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි මැලේසියානු ජාතික කාන්තා කණ්ඩායමට පන්දුවාර 13 යි පන්දු 05 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 48ක් පමණයි .
මේ අනුව දෙරට අතර තරග 5 කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම සමත් වුණා.













