අපරාධ කල්ලි සාමාජිකයන් ලෙස හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩො සලින්ත යන සැකකරුවන් මැලේසියාවේ අත්අඩංගුවේ සිටිනා බවට කිසිදු රාජතාන්ත්‍රික මට්ටමේ හෝ ආරක්ෂක අංශ තොරතුරක් ලැබී නොමැති බව පොලිසිය පවසනවා .
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි .
මේ අතර 2025 වසරේ ගත වූ මාස 07ක කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 68ක් වාර්තා වී ඇති බව පොලිසිය සදහන් කළා
මෙම වෙඩිතැබීම් 50ක් සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වෙඩිතැබීම් බවයි අනාවරණය වී ඇත්තේ.
අනෙකුත් 18 වෙනත් පුද්ගලයින් හා පෞද්ගලික කරුණු අරමුණු කරගනිමින් සිදුකරන ලද වෙඩිතැබීම් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කලේ.