මැල්සිරිපුර නාබැට ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් ලොරි රථයක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වූ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවටත් වාර්තා වනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ දෙකෙහි රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













