පසුගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 132,900 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, එම මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 132,919 ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කලේ.
ඒ අනුව පසුගිය වසරේ මැයි මාසය හා සැසදීමේදී මෙය ඉහළ යාමක් වන අතර පසුගිය වසරේ මැයි මාසයේදී 112,128 ක් මෙරටට පැමිණ තිබුණා.
පසුගිය මැයි මාසයේදීත් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.