මෙවර මැයි දින පෙළපාලි සඳහා දේශපාලන පක්ෂ රැසකින් බස් රථ අයදුම්කර ඇති බව ලංකා ගමන ගමන මණ්ඩලය පවසනවා.
ඉල්ලුම් කර ඇති පක්ෂ සඳහා බස් රථ ලබාදෙන ලෙස සියලුම ඩිපෝ දැනුවත් කර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
විශේෂ චාරිකා සඳහා බස් රථ ලබාදීමේ මිල ගණන් යටතේ එම වැඩපිළිවෙල ක්රියාත්මක බවද ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කළා.
මේ අතර, ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, මෙවරත් දේශපාලන පක්ෂ රැසකින් මැයි රැළි සඳහා බස් රථ අයැදුම් කර ඇති බවයි.