මේ මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා
ඒ අනුව ඊයේ දිනයේ අදාළ මුදල් ගිණුම්වලට බැර කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය කියා සිටියේ
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබු පවුල් දාහතර ලක්ෂ විසිතුන්දහස් අටසිය අනූපහක් සඳහා එකොළොස් බිලියන දෙසිය හැත්තෑ හතර මිලියන තුන්සිය දාහතර දහසක් ගිණුම්වලට බැර කර ඇති බව සඳහන්