මානය අධික ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳ දමා ඔවුන්ට සසරින් එතෙරවීමට මග පෙන්වා දුන් දිනය ලෙස සැලකෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනයට අදට යෙදී තිබෙනවා.
බුදු රජාණන් වහන්සේ ඥාති සංග්‍රහය පිණිස තම ඡන්ම භූමිය වූ කිඹුල්වත්පුරයට වැඩමවීම ආරම්භ කර ඇත්තේද අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.
එසේම සුද්ධෝදන පිය රජතුමාගේ ආරාධනාවකට අනුව බුද්ධත්වයෙන් දස වන මාසයේ වේළුවනාරාමයේ සිට කිඹුල්වත් නුවර දක්වා වැඩම කිරීම සිදුව ඇත්තේද මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදීයි.
බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීමෙන් පසුව යමාමහ පෙළහැර පෑම, සුද්ධෝදන රජතුමාට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම වැනි සිදුවීම්ද සිදුව ඇත්තේද මැදින් පොහෝ දිනකදීයි.
බුදු රජාණන් වහන්සේ එලෙස සිය පිය රජුට ධර්ම දේශනය කිරීමෙන් එය අසා සිටී සුද්ධෝදන රජතුමා ධර්මය අසා සෝවාන් ඵලයට පත්ව තිබෙනවා.
එසේම සුද්ධෝදන රජතුමට තුන් වැනිවරට සිය පුත්‍ර වන්දනය කළ පොා්ය ලෙසද මැදිහන් පොහොය හඳුන්වනු ලබනවා.
එසේම අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී යසෝදරා දේවියට චන්ද කින්නර ජාතකය දේශනා කිරීමද සිදුව තිබෙනවා.
රාහුල සහ නන්ද යන කුමාරවරුන් පැවිදි දිවියට ඇතුළත් වීම සිදුව ඇත්තෙත් අද වැනි පොහෝ දිනකදී වන අතර ඒහි භික්ෂු භාවයෙන් මහණ කිරීම අත්හිටුවා ඒ වෙනුවට හිස මුඩු කර, සිවුරු පෙරවා මහණ කිරීම ආරම්භ කර ඇත්තේද රාහුල කුමාරයා පැවිදි කිරීමෙනි.
දහම් අවබෝධය ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරුන් පැවිදි දිවියට පත්වීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීමද සිදුව ඇත්තේ අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකදී බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
කිසියම් පුද්ගලයෙකදී තම දෙමාපියන්ගේ අවසරයක් නොමැතිව බුද්ධ ශාසනයේ පැවිදි නොකරන ලෙස පළමුවරට බුදු රජාණන් වහන්සේ විනය නීතියක් පවනවා ඇත්තේද මැදින් පුර පස්ළොස්වක පොහෝ දිනකදී බවටයි සඳහන් වන්නේ.













