මැදවච්චිය, වවුනියාව ප්‍රධාන මාර්ගයේ මහකුඹුගොල්ලෑව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
පූනෑව පොලිසිය කියා සිටියේ අද(12) අලුයම සියඹලාගස්වැව හංදියේ සිට මීටර් 100ක් පමණ දුරින් වූ මහකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරට පත් වැගන් ආර් වර්ගයේ කාර් රථය මැදවච්චිය දෙස සිට වවුනියාව දෙසට ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ වම්පස බෝගසේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසනවා.
එම අනතුරින් කාර් රථයේ ගමන් ගත් රියදුරුද ඇතුළුව සියලු දෙනාම තුවාල ලබා වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.