මැදවච්චිය රෝහලේ පිහුටවා ඇති වකුගඩු ඒකකයේ මීට මාස තුනක සිට මේ දක්වා වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ගෙන්වන උපකරණ සහ ඖෂධ හිඟකමින් වකුගඩු රෝගීන් දැඩි ලෙස අසරණ වී සිටින බව රෝගීන් පවසනවා.
මැදවච්චිය වකුගඩු රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් තම අසරණකම මාධ්‍යට අදහස් දක්වමින් එලෙස කියා සිටියා.
මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මැදවච්චිය මූලික රෝහලේ පිහිටුවා ඇති මෙම වකුගඩු ඒකකය පදවිය, කැබිතිගොල්ලෑව, හොරොවිපොතාන, කහටගස්දිගිලිය වැනි දුර ඈත ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශවල වකුගඩු රෝගින්ට සහ මැදවච්චිය සිටින වකුගඩු රෝගීන්ට ප්‍රථිකාර පහසුවෙන්ම ලබා ගත හැකි වකුගඩු ඒකකයකි.
දිනෙන් දින ජීවතයත් මරණයත් අතර සටනක යෙදෙන මෙරට වකුගඩු රෝගයට ගොදුරු වී ඇති රෝගීන්ගේ හුස්ම මේ මිහිතලයට එක් නොකර රදවා තබා ගැනීම සිදුකරන්නේ රෝගීන්ගේ රුධිරය පිරිපහදු කිරීමෙන් බවත් ඒ සඳහා භාවිතා කරණ කටු රෝහලේ නොමැති බවත් මාධ්‍යට අදහස් දැක්වූ රෝගීන් පැවැසීය.
එමෙන්ම එම ඖෂධ මැදවච්චියේ ෆාමිසිවල පවා නොමැති බවත් කල දුටු කල වල ඉහගන්න උත්සහ දරණ ඇතැම් කටු තිබෙන ෆාමසිවලින් ඒ සඳහා රුපියල් 800ක් වැනි විශාල මුදලක් රෝගින්ගෙන් එක් කටුවකට අයකරන බවත් සඳහන් කළේය.
මෙම රෝගීන්ට හුස්ම රැකදීම සඳහා මෙරට ජනතාවගේ බදු මුදලින් පෝෂණයවන රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ සෘජුවම වීමක් සිදුකරන ලෙසටද බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව එම රෝගීන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මෙම වකුගඩු රෝගීන්ගේ රුධිර පිරිපහදුව සඳහා අවශ්‍ය කටු සහ එෆෝන් නමැති විටමින් වර්ගය සහ තවත් අත්‍යඅවශ්‍ය බෙහෙත් රාශියක් මාස කිහිපයක් නොමැතිකමින් මේවන විට එම රෝගීන් මරණ බියෙන් සිටින බවත් එම කටු සහ ඖෂධ පුද්ගලික ෆාමසිවලින්ද ගැනීමට නොහැකිව රෝගීන් අසරණ වෙලා ඇති බවත් මැදවච්චිය ප්‍රාදේශිය සභා ඒකාබද්ධ පොදු විපක්ෂයද හෙලිකර තිබෙනවා.
ඒ පිළිබඳ කඩිනමින් රජය අවධානය යොමු කළ යුතු බවත් වත්මන් රජයෙන් මෙම අහිංසක ජනතාවගේ ජීවිත බේරා ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ගැටළුව පිළිබඳ අප මැදවච්චිය වකුගඩු ඒකකයෙන් විමසීමක් කළ අතර එහිදී වකුගඩු රෝගීන් සඳහා ප්‍රථිකාර කිරීමට ගෙන්වන උපකරණ සහ ඖෂධ හිඟවී ඇතිබව ඔවුන්ද තහවුරු කර සිටියා.