දිනෙන් දින උග්‍රවන වල් අලි තර්ජන හේතුවෙන් මැදවච්චියේ රාත්‍රී සේවයේ යෙදී සිටින රථවාහන පොලිස් නිලධාරින්ගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට මේවන විට පත්ව ඇති බව වාර්තා වනවා.
එයට ආසන්නම සිදුවීම ලෙස මැදවච්චියේ වවුනියාව මාර්ගයේ පිහිටි පූනෑව පාසල අසල රාත්‍රී රථවාහන පරික්ෂා කිරීමේ සේවයේ යෙදී සිටි රථ වාහන පොලිස් නිලධාරින් හට ඇතෙකු විසින් කිහිප වතාවක් පහරදීමට උත්සහ දරා ඇති බවත් එම සිදුවීම් හමුවේ මෙම පොලිස් නිලධාරින් දිවගොස් තම ජීවිත බේරාගෙන ඇති බවටත් වාර්ථා වනවා.
මැදවච්චිය නගරයේ සහ එහි අවට කැබිතිගොල්ලෑව හයිවේ ට්‍රැෆික් නිලධාරින් සහ පොලිස් ස්ථානවලින් යොදවා ඇති ට්‍රැෆික් නිලධාරින් රැසක් රාත්‍රී රථවාහන පරික්ෂාවේ යෙදී සිටි.
දිගින් දිගට රථවාහන අනතුරු, මාරාන්තික රිය අනතුරු සිදුවූ මැදවච්චිය නගරය සහ එහි අවට මේවන විට එම තත්ත්වය පාලනය කිරීමට මෙම නිලධාරින් අපරිමිත කැපවීමක් සිදු කරමින් සිටි.
එහි අතලොස්සක් නිලධාරින් මහජනතාවට තමා නිල ඇදුමේ බලය අවභාවිතා කරමින් පීඩා ගෙන දුන්නද බහුතර පිරිසක් ජනතා සේවය වෙනුවෙන් දිවා රාත්‍රි නොබලා කැප වෙමින් සිටින බව 56000ට ආසන්න මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ ජනතාව දන්නා කරුණකි.
ඒ සියල්ල හමුවේ මැදවච්චිය සතර දෙසින් වල් අලි ප්‍රහාර හමුවේ අමු අමුවේ මිනිස් ජීවත විනාශ වෙමින් පවති.
දින ගනන් අට්ටාල ගසමින් මහ මග සිට පැවැති රජයන්වලට බලපෑම් සිදු කරමින් වල් අලි ප්‍රශ්නයට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටි පිරිස් අද බලයට පත්ව ඇති මුත් මැදවච්චියේ වල් අලි ගැටලුවට එම පිරිසගෙන් කිසිදු විසදුමක් මේවන තෙක් නොලැබීම මැදවච්චිය ජනතාවගේ අවාසනාවකි.
මෙම උද්ගත වී ඇති තත්ත්වය හමුවේ බලධාරින් නිහඬ පිළිවෙතක් අනුගමනය නොකර කඩිනම් විසදුම් ලබා දී පොලිස් නිලධාරින්ගේ සහ ගම්වාසීන්ගේ ජීවිත ආරක්ෂා කරදීමට කටයුතු කර දෙන ලෙස වත්මන් ජනාධිපතිතුමන්ගෙන් සහ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව වල් අලි ප්‍රහාර හමුවේ අසරණ වූ නිලධාරින් කියයි.