මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේ පිහිටි ඇල මාර්ගයක වැටී මියගොස් සිටි කාන්තා මළසිරුරක් අද(16) දින මැදවච්චිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, සංගිලිකනදරාව ලිපිනයේ පදිංචි බස්නායක මුදියන්සේලාගේ සේපාලි නැමැති තනිව නිවසක ජීවත් වූ 61 හැවිරිදි කාන්තාවකි.
ඇය ගම්මානයේ පොල් ගස්වල වැටී ඇති පොල් ඇතු රැගෙනවිත් විවීමේ කටයුතු සිදුකරන බවත් ගම්වාසීන්ගේ ගවයින් බලාගැනීමේ කටයුතු ස්වෙච්ඡාවෙන් සිදු කරන බවත් ගම්වාසීන් පවසනවා.
ඒ අනුව මෙම මියගිය කාන්තාව මැදවච්චිය, සංගිලිකනදරාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික වත්තක පිහිටි මඩ සහිත තරමක් ජලය ගලා යන ඇල මාර්ගයක මුණින් අතට වැටී මෙලෙස මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
මෙම මරණය පිළිබඳ සිදුකළ මරණ පරික්ෂණයේදී මරණකරු ජලයේ ගිලී මියගොස් ඇති බවට තහවුරු වූ බව පොලිසිය පවසනවා.