මැදපෙරදිග කලාපයේ මේ වනවිට උද්ගතවී ඇති යුද තත්ත්වය සමග ලංකාවට මුහුණදීමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබෙනවා.
පූර්ව සුදානමක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක්විය හැකි සියලු කේෂ්ත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීමට මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව පත්කර ඇති බවයි සදහන් වන්නේ.