මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා යානා පහක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබෙනවා. මස්කට් ගුවන් තොටුපොල සහ ඩුබායි ගුවන් තොටුපොල වෙත ගුවන් යානා දෙක බැගින් මෙලෙස ගුවන් යානා හතරක් හරවා යවා ඇති අතර, රියාද් අගනුවර ගුවන් තොටුපොල වෙත එක් ගුවන් යානයක් හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඩුබායි බලා පියාසර කළ ෆිට්ස් එයාර් ගුවන් යානයක්ද මස්කට් නුවර වෙත හරවා යවා තිබුණා. නමුත් එම ගුවන් යානය මස්කට් ගුවන් තොටුපොලේ ගොඩ බෑම සඳහා අවසර නොලැබීම හේතුවෙන් යළි ඩුබායි වෙත හරවා යවා තිබෙනවා. මෙම ගුවන්යානා කුවේටය, අබුඩාබි සහ දෝහා කටාර් වෙත පියාසර කළ ගුවන් යානා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙන්නේ, කිසියම් ගුවන් යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩ බෑම සඳහා ඉල්ලීමක් කළහොත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල එලෙස සූදානම් කර ඇති බවයි.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














