මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා යානා පහක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා තිබෙනවා. මස්කට් ගුවන් තොටුපොල සහ ඩුබායි ගුවන් තොටුපොල වෙත ගුවන් යානා දෙක බැගින් මෙලෙස ගුවන් යානා හතරක් හරවා යවා ඇති අතර, රියාද් අගනුවර ගුවන් තොටුපොල වෙත එක් ගුවන් යානයක් හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඩුබායි බලා පියාසර කළ ෆිට්ස් එයාර් ගුවන් යානයක්ද මස්කට් නුවර වෙත හරවා යවා තිබුණා. නමුත් එම ගුවන් යානය මස්කට් ගුවන් තොටුපොලේ ගොඩ බෑම සඳහා අවසර නොලැබීම හේතුවෙන් යළි ඩුබායි වෙත හරවා යවා තිබෙනවා. මෙම ගුවන්යානා කුවේටය, අබුඩාබි සහ දෝහා කටාර් වෙත පියාසර කළ ගුවන් යානා බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. මේ අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය දැනුම් දෙන්නේ, කිසියම් ගුවන් යානයක් ශ්‍රී ලංකාව වෙත ගොඩ බෑම සඳහා ඉල්ලීමක් කළහොත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල එලෙස සූදානම් කර ඇති බවයි.
උණුසුම් පුවත්
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්











