ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ අරවින්ද සෙනරත් මහතා නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ සභාපති තනතුරු සඳහා නීතිඥ සාගරිකා ආතාවුද මහත්මිය සහ වෛද්‍ය සෙල්ලතම්බි තිලකනාදන් මහත්වරුන් පත්කර තිබෙනවා.
ඒ බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නා.
මෙයට අමතරව කවීන්දරන් කෝඩිස්වරන්, කින්ස් නෙල්සන්, එම් කේ අස්ලම්, උපුල් කිත්සිරි , නීතිඥ තුෂාරි ජයසිංහ සහ සුජීව දිසානායක යන මහත්ම මහත්මීන්ද සභාපති නාමාවලියට පත්කර ඇති බවයි කතානායකවරයා ප්‍රකාශ කළේ










