සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගය මෙය වීමද විශේෂත්වයක්. 2025 – 2027 අයි.සි.සි ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග දෙකක් ඇතුළත්. මේ අනුව දෙරට අතර පළමු තරගය ගාල්ලේදී අද ආරම්භ වන අතර පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ දිනයේදී සිය අවසන් පුහුණු සැසියටද එක්ව තිබුණා. දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ගාල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ එළි දැක්වුණා. මේ අනුව පළමු ටෙස්ට් තරගය අද පෙරවරු දහයට ආරම්භ වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














