ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
සිය සමාජ මධ්‍ය ගිණුම් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ එළඹෙන ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවයි.
කෙසේ වෙතත් සීමිත පන්දුවාර තරග සඳහා තම සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා තමන් සූදනම් බව ද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
2009 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.
කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධනට පමණක් පසුපසින් සිටින ඔහු ටෙස්ට් ලකුණු 8,167ක් රැස්කර ගෙන තිබෙනවා.
මේ වනවිට 37 වියේ පසුවන මැතිව්ස්, ශතක 16 ක් හා අර්ධ ශතක 45 කට හිමිකම් කියනවා.