මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පොලිසියට මැතිවරණ පැමිණිලි 549 ක් ලැබී තිබෙනවා.
ඒ අනුව, අපරාධමය පැමිණිලි 112 ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ පැමිණිලි 437 ක් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
එමෙන්ම, ඡන්ද නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 46 දෙනෙකු සහ ආධාරකරුවන් 199 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊට අමතරව වාහන 44 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.