පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ට ද ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.
මුදල් හා අදාල ආයතනවල සහය නොමැතිව මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට හැකියාවක් නැතැයි ද ඔහු සදහන් කළා.
මුදල් ලබා දීමේ වගකීම රජය සතු බවත් නිමල් පුංචිහේවා මහතා පැවසුවා.
මේ අතර මහනුවරදි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ද මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා.