කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල් ගමුඔය අසළ තෙරෙසියා වත්තේ එළවලු වගා කොටුවක බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු බගවන්තලාව පොලිසියේ නිළදාරින් විසින් ඊයේ රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බගවන්තලාව පොලිස් ස්තානාදිපති පොලිස් පරීක්ෂක රුවන් මහතා ඇතුලු නිලදාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කර තිබෙනවා.
එමගින් සැකකරුවන් සමග මැණික් ගැරීමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.













