හැටන් නගරය ආශ්‍රීත ප්‍රදේශයන්හි මාළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමගින් ප්‍රදේශයේ බොහෝමයක් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.
ප්‍රදේශවාසී පාරිභෝගියන් පවසන්නේ මෙලෙස දැඩි ලෙස මාළු මිල ඉහළ යාමත් සමගින් තමන්ට අවශ්‍ය මාළු මිලදී ගැනීමට හැකියාවක් නොමැති බවයි.
එම නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බවයි.
මේ වන විට ප්‍රදේශ තෝර මාළු කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 3500ත් 3700ත් අතර මිලකටයි.
එසේම කපන ලද කෙලවල්ලා, තලපත්, පරා කිලෝවක් රුපියක් 2800ත් 2900ත් අතර මිලකටත් කෙලවල්ලා කුඩා කූරි පිටින් කිලෝවක් රුපියල් 2000ක් 2200ක් අතර මිලකට අලෙවි කෙරෙනවා.
රුපියල් 1400ත් 1600ත් අතර මිලකට ලින්නා සහ සුර පරව් කිලෝවක් අලෙවි කෙරෙන අතර සාලයා කිලෝවක් රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි කෙරෙනවා.
බලයා (කූරි) කිලෝවක් රුපියල් 1800ත් 2000ත් අතරත් පරව් කුඩා කූරි කිලෝවක් රුපියල් 2200ත් 2400ත් අතර මිලකටත් අලෙවි කෙරෙනවා.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී අදහස් දැක්වූ මාළු වෙළෙඳුන් කිහිප දෙනෙක්ම කියා සිටියේ රට තුළ පවතින වැසි සහ සුළං තත්ත්වයන් මත ධීවර කර්මාන්තයට එල්ල වී ඇති දැඩි බලපෑම හේතුවෙන් මාළු අස්වැන්න අඩුවීමත් සමග මෙලෙස මාළු මිල ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.