මාළිගාවත්තේ ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
තරුණයෙකු ඉලක්ක කරගනිමිනුයි මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ එම තරුණයා ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී56 ගිනිඅවියක් භාවිත කරමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.













