පසුගිය මාස 06 තුලදී පොලිසිය සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී රුපියල් මිලියන 318ක මුදලක් පොලිසිය භාරයට ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.
එමෙන්ම එම වැටලීම් තුලින් හෙරොයින් කිලෝග්‍රෑම් 366ක්ද, ගංජා කිලෝග්‍රෑම් 4796ක්ද, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 790ක්ද, අත් අඩංගුවට ගත් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි