වසරේ ගත වූ මුල් මාස 3ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 75,000කට ආසන්න පිරිසක් රැකියා සඳහා විදෙස් ගතව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එම පිරිසෙන් 39,900ක් පිරිමි ශ්‍රමිකයින් වන අතර 34,599 දෙනෙකු කාන්තා ශ්‍රමිකයින් වන බව සඳහන්.
මෙහිදී වැඩිම පිරිසක් රැකියා සඳහා කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර එම සංඛ්‍යාව 17,793ක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.