හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්‘ ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම , ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් 5ක් මෙහිදී ක්‍රීඩා කිරීමට නියමිත බවයි තොරතුරු වාර්තා වන්නේ.
මාර්තු 16වනදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඉන්දියා මාස්ටර්ස් කණ්ඩායම අතර පෙබරවාරි 22 වැනිදා පැවැත්වෙනවා
මේ අතර මෙම තරගාවලියට එක්වන ශ්‍රී ලංකා මාස්ටර්ස් සංචිතය ඊයේ නිවේදනය කළා.
මේ අතර නායක කුමාර් සංගක්කාර, රොමේෂ් කළුවිතාරණ, අෂාන් ප්‍රියන්ජන්, උපුල් තරංග, නුවන් ප්‍රදීප්, ළහිරු තිරිමාන්න, චින්තක ජයසිංහද වන බව සදහන්
මිට අමතරව සීක්කුගේ ප්‍රසන්න, ජීවන් මෙන්ඩිස්, ඉසුරු උදාන, ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්, ඩිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, චතුරංගද සිල්වා යන ක්‍රීඩකයන් මෙම සංචිතයට ඇතුලත් බවයි නිවේදනයේ සදහන් වන්නේ.