ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබෙනවා.
එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන් වනතුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා තමාට පහරදුන් බවට පවසමින් පොලිස් කොස්තාපල්වරයකු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී තිබුනා.
සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කරන ඔහු පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ අදාළ මන්ත්‍රීවරයාගේ ඥාතියකුට අයත් ගංජා වැටලීමක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු බවද සඳහන්
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වීමර්ශන කටයුතු අවසන් වනතුරු සේවය අත්හිටුවීමටයි තීරණය කර තිබෙන්නේ.













