සේවය නිම කර නිවස බලා පැමිණෙමින් සිටි සූරියකන්ද පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සහයක නිලධාරියෙකුට පහර දී තිබෙන බවට චෝදනා කර තිබෙනවා.
ඒ රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින්.
මෙම පහරදීමෙන් තුවාල සිදුවූ බව පවසමින් එම පොලිස් නිලධාරියා මේ වන විට ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබන බවයි වර්තා වන්නේ.
පසුගියදා සූරියකන්ද පොලිසිය මගින් සිදුකළ ගංජා වැටලීමට මෙම පහරකෑමට ලක්ව සිටි පොලිස් නිලධාරියාද සහභාගී වී තිබුණා.
අදාළ ගංජා වැටලීම සිදුකර ඇත්තේ මෙම පහරදීම සිදුකළ මන්ත්‍රීවරයාගේ මාමාණ්ඩියට අයත් ඉඩමක බවයි සදහන් වන්නේ.
එමෙන්ම ජාතික ජනබලවේග මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මන්ත්‍රීවරයාද මෙම පොලිස් නිලධාරියා සම්බන්ධව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
සූරියකන්ද පොලීසිය මගින් පසුගිය 16 දා සවස සූරියකන්ද බුලුතොට, වැලිආර ප්‍රදේශයේ මඤ්ඤොක්කා සහ බඩ ඉරිඟු වගාවක් තුළ වගා කර තිබූ ගංජා පැළ සමග එම ප්‍රදේශයේම විසිහතර හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඉන් පසුව සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අතිරේක මහේත්‍රාත් දිලුම් යූ. ප්‍රනාන්දු මහතා එහිදී සැකකරුට රුපියල් තුන්දහසක දඩයක් නියම කරනු ලැබුවා.













