ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇති බවට වාර්තා වනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණෙමින් සිටියදී මොවුන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම හේතුවෙන් මේ වන විට සභාවේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී උණුසුම්කාරී තත්ත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
පැහැර ගැනීමට ලක්වූ මන්ත්‍රීවරුන් දෙදෙනා යළි ගෙන ආවහොත් පමණක් සභාවේ කටයුතු ඇරඹීමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.