නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පලාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(27) පෙරවරුවේ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.
එම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ජොහාන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12කින් තේරී පත් වූවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ කනපති කුලන්දවේල් රවී මහතා ද සභාපතිවරයා සඳහා යෝජනා කෙරුණු අතර ඔහු ඡන්ද 07ක් ලබාගන්නා ලදී.
උප සභාපතිවරයා ද තේරීම විවෘත ඡන්දයකින් පැවැති අතර සමගි ජන බලවේගයෙන් තරග වැදුණු නඩරාජා සිවකුමාර් මහතා විවෘත ඡන්ද 12ක් ලබාගනිමින් තේරී පත් වූතඅර උපසභාපතිවරයා වශයෙන් තරග කළ කොලුන්දුවේල් ඉරාජේන්ද්‍රන් මහතා ඡන්ද හතක් ලබාගත්තා.
උප සභාපතිවරයා තේරීමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.
ලංකා කම්කරු කොංග්‍රසයේ සහ ජාතික ජන බලවේගය එකට එක්වී බලයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට මින් පෙර කටයුතු කලා.
කෙසේ වෙතත් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ පලනි දිගම්බරම් මහතා නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී ලංකා කම්කරු කොංග්‍රසයට එරෙහිව නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ජොහාන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා තෝරා පත් කර ගැනීමට සහයෝගය ලබාදුන්නා.
ජාතික ජන බලවේගයේ සභිකයින් එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් සමගි ජන බලවේගයේ නජෙරාජා සිවකුමාර් මහතා තෝරා පත් කර ගැනීමට සහයෝගය දක්වා තිබෙනවා.
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව සභික ධුර 20කින් සමන්විතයි.
ජාතික ජන බලවේගයට සභික ධුර හයක්, ලංකා කම්කරු කොංග්‍රසයට සභික ධුර හයක්, සමගි ජන බලවේගයට සභික ධුර පහක් සහ ස්වාධීන කණ්ඩායම් අංක 1 සහ 2 සේම එක්සත් ජාතික ප්ඏයට සභික ධුරය බැගින් හිමිව තිබෙනවා.