ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද(13) පරාජයට පත්ව තිබෙනවා.
අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 12 දෙනා ඡන්දය ලබාදී ඇති අතර පොදු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 13 දෙනා අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර පසුගියදා කොළොන්න ප්‍රාදේශීයේ සභාවේ මංගල අයවැයද පරාජයට පත් වූවා.
එසේම මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේද මංගල අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්වූවා.













