ජාතික ජනබලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව ඇති වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුව සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කෙරුණා. ජාතික ජන බලවේග පක්ෂයේ ලේකම්වරයා විසින් ඔහුගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමටයි මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත්තේ. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු සිය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස් වුණා. එලෙස ඉල්ලා අස් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත් කෙරුණා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














