ජාත්‍යන්තර සුහද තරග දෙකකට සහභාගිවීම සඳහා මාලදිවයින් ජාතික පාපන්දු කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.
ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට 9 වැනිදා දක්වා අතර කාලය තුළදී කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී එම තරග දෙක පැවැත්වෙනු ඇති .
ශ්‍රී ලංකාවේ සත්කාරයෙන් මාලදිවයින හා භූතානය සමග දකුණු ආසියානූ සුපිරි කුසලාන සුපර් කප් තුන් කොන් තරගාවලිය පැවැත්වීමට ගත් උත්සාහය සාර්ථක නොවීමෙන් පසුවයි දෙරට අතර එම සුහද ජාත්‍යන්තර තරග දෙක පැවැත්වෙන්නේ.
වසර 2023 ජූනි මාසයේ මාලේ නුවරදී දෙරට අවසන් වරට ආසියානු කුසලාන නිර්දේශ තරග වටයේ මුණ ගැසීමෙන් පසුව ඔවුන් දෙරට මුණ ගැසෙන පළමු අවස්ථාව මෙයයි.
එහිදී මාලදිවයින ගෝල 1 – 0 කින් තරගය ජය ගෙන තිබෙනවා.
අසූව දශකය අග භාගයේදී පමණ ශ්‍රී ලංකාවෙන් පාපන්දු ක්‍රීඩාවේ පළමූ ගුරුහරුකම් ලබා ගත් බව කියන මාලදිවයින මේ වන විට දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට පාපන්දු ක්‍රීඩාවෙන් දැඩි තර්ජනයක් එල්ල කරන රටක් බවට පත්ව තිබෙනවා.
ලෝක පාපන්දු පිරිමි – ජාතික කණ්ඩායම් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මාලදිවයින 171 වැනි ස්ථානයේ පසු වනවා .
ශ්‍රී ලංකාවට එම සටහනේ හිමිව ඇත්තේ 196 වැනි ස්ථානයයි.
මෙම වසරේදී මෙතෙක් ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග හතරකින් දෙකක් ශ්‍රී ලංකාව ජය ගෙන තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකාව ලබන ඔක්තෝබර් 9 වැනිදා ආසියානු කුසලාන නිර්දේශ තරග වටයේ ‘ඩී’ කාණ්ඩය යටතේ තුර්ක්මෙනිස්ථානයට එරෙහිව කොළඹදී තරග වැදීමට නියමිතයි.