මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශවල විශේෂ කණ්ඩායමක් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සහ නාවික හමුදාවට අයත් නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ විසින් ලබාදුන් බුද්ධි තොරතුරුවලට අනුව මාලදිවයින් ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු ඊයේ සිය භාරයට ගෙන තිබුණා.
අදාළ යාත්‍රාව මේ වන විට මාලදිවයින වෙත රැගෙන එමින් ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ධීවරයින් පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් මේ වන විටත් මාලදිවයින වෙත පිටත්ව ගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














