හැටන් කලාප අධයාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රී කාෆැක්ස් දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැටීමේ අවදානමක් නිසා පාසල අද(2) සහ හෙට (3) යන දින දෙක වසා දැමීමට තීරණය කළ බව එම විදුහලේ විදුහල්පති ජේම්ස් වික්ටර් මහතා පවසනවා.
පළමු වසරේ සිට 13 වසර දක්වා ධමුන් 358ක් පමණ අධ්‍යාපනය ලබන එම පාසලේ ආචාර්ය මන්ඩලය 40ක් වනවා.
පාසල අසලම කඩාවැටීමේ දැඩි අවදානමකට ලක්ව ඇති විශාල මාර ගස් දෙකක් ඇති බවත් එම ගස් දෙක කපා ඉවත් කරදෙන ලෙස හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මීට පෙර දැනුම්දී තිබුණත් එම ගස කපා ඉවත් කිරීමට මෙතෙක් පියවර ගෙන නොතිබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
එසේම පසුගිය දිනවල පැවැති දැඩි සුළං සහ අයහපත් කාලගුණය හේතුවෙන් එම ගසේ අතු කිහිපයක් පාසලේ ගොඩනැගිලි වෙත කඩා වැටුණු බවයි විදුහල්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගෙන් නිසි අවසරය ඇතිව පාසල ජුනි 2 සහ 3 යන දිනයන්හි වසා දැමීමටත් පියවර ගෙන තිබෙනවා.
එසේම පාසලට කඩා වැටීමට අවදානමක් ඇති එම මාර ගස් දෙක හෙට(03) දිනයේදී කපා ඉවත් කරන බවයි විදුහල්පතිවරයා කියා සිටියේ.
පාසල් භූමියේ පිහිටි තවත් ගස් කිහිපයක් අද(02) දිනයේදී දෙමව්පියන් විසින් කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.