ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගත් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී පුහුණු මානව සම්පතක වැදගත්කම රජයක් ලෙස පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින්.
පසුගිය වසර කිහිපය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් රට හැරයාම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී රජයක් ලෙස ගැටලු රැසකට මුහුණ දුන් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
රටේ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගෙන යාමට බාධාවක් නොවන පරිදි එම ගැටලුවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් ලෙස මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














