ආපදා තත්ත්වය හේතුවෙන් කැඩී ගොස් තිබූ මහනුවර, ගොහාගොඩ මාර්ගයේ නඩත්තු කිරීමේ රාජකාරියේ යෙදී සිටි සේවකයෙකුට පහරදීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමක් සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලක් මතයි.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා අද(14) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
මාර්ගයේ පස් සහ ගල් ඉවත් කරමින් සිටි සේවකයෙකු සහ එම මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක සිටි පුද්ගලයෙකු අතර ඊයේ(13) බහින්බස්වීමක් හටගෙන තිබෙනවා.
එහිදී ලොරි රථයේ සිටි පුද්ගලයා විසින් සේවකයාට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා.












