රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගයේ දෙමටගල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවන වූ කාර් රථයක් විරුද්ධ දෙසින් පැමිනි බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් කාර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වූ මූනගම, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර කළුතර – පානදුර මාර්ගයේ පානදුර දෙස සිට කළුතර දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ගමන් කළ පාපැදියක ගැටී අනතුරුව විරුද්ධ දෙසින් පැමිණි බස් රථයකද ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරෙන් පාපැදිකරු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු වයස අවුරුදු 30ක් වූ කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













