මෙම වසරේ ගතවූ මාස 06 ක කාලය තුළ සිදූ වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.
ඒ අනුව එම කාලය තුළ රිය අනතුරු 1,274 ක් වාර්තා වී ඇති අතර ඉන් 1,351 දෙනෙකු ජීවිතක්ෂයට ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
පසුගිය වසරේ පමණක් මාරක රිය අනතුරු 1,166 වාර්තා වූ අතර, ඉන් 1,222 ක් මියගොස් තිබෙනවා.
පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ගෙවුණු කාලය තුළ රිය අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.