මාතර සහ කුරුණෑගල ප්‍රදේශවල සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
කුරුණෑගල, බෝධිරාජ මාවත ප්‍රදේශයේදී කුරුණෑගල සිට මැල්සිරිපුර දෙසට ධාවනය වූ බස් රථයකට මගියෙකු ගොඩවීමට යාමේදී ලිස්සා ඇද වැටී එම බස් රථයටම යටවීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් තුවාල ලැබූ තුවාලකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් පමණ වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත දේහය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරුට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මාතර අකුගස්ස මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මාතර දෙස සිට අකුරැස්ස දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා ගමන් කළ පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරු පාපැදිකරු, පාපැදියේ ගමන් කළ කාන්තාවක් හා යතුරු පැදිකරු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ වෙතත් රෝහල් ගති කිරීමෙන් පසුව පාපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක් පමණ වූ අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.