අම්පාර සහ බද්දේගම යන ප්‍රදේශයන්හි සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
අම්පාර – අක්කරපත්තුවා මාර්ගයේ බ්‍රවුන් හන්දිය ප්‍රදේශයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වාහනයක ගැටී මියගොස් තිබෙනවා.
අම්පාර පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන සිදු කිරීමේදී අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 67ක් පමණ වන සේනානායකපුර, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බවයි.
පොලිසිය පවසන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මෘතදේහය ඥාතීන්ට භාර දී ඇති බවයි.
අනතුරට වගකිවයුතු අනෙක් වාහනය කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බවත් අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසනවා.
මේ අතර බද්දේගම – ගාල්ල මාර්ගයේ සන්දරවල ප්‍රදේශයේදී ගාල්ල දෙස සිට බද්දේගම දෙසට ධාවන යූ කාර් රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගේ සහ ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ බද්දේගම උස්ගල්දූව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක් පමණ අයෙක් බවයි පොලිසිය කියා සිටියේ.
මෘත දේහය බද්දේගම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ කාර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.