බණ්ඩාරගම ගම්මන්පිල වැව අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවන කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුළි කණුවක ගැටී මාර්ගයට පහලින් තිබූ ජලය බෙදාහරිනු ලබන බට සහිත කොන්ක්‍රීට් බැම්මේ ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙන බක්වතක් වාර්තා වනවා
මෙම අනතුරින් මෝටර් රථය පැදවූ තරුණයා අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වුණා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 26ක තරුණයෙක්.
ඔහු පෙම්වතියගේ නිවසේ සිට යළි නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
තරුණයාට නින්ද ගොස් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.