එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58වන සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.
නව රජය පත්වීමෙන් පසු පැවැත්වෙන පළමු වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය මෙය වනවා.
ඊට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිසක් ඊයේ ජිනීවා බලා පිටත්ව ගියා.










