Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
    • විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
    • ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
    • ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
    • මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම ද රජයේ වගකීමක්

    මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම ද රජයේ වගකීමක්

    2025-08-02කියවීමට මිනිත්තු 3ක් ගතවේ.60 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වර්තමානයේ අප අවධානය මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් ද යොමු කළ යුතු බවත්, සමාජ මාධ්‍ය හා අනෙකුත් නව මාධ්‍ය හරහා හඩක් නොමැති පුරවැසියාට වන බලපෑමෙන්  ඔවුන් ආරක්ෂා කිරීමට නව නීති සම්පාදනය කිරීමට ද  සිදු වී තිබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද “මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද ඩිප්ලොමා පාඨමාලාව” සාර්ථකව නිම කරන ලද ඩිප්ලොධාරීන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිණි.

    මෙම උත්සවය අද (02) පෙරවරුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ දී පැවැත්විණි.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මෙහෙයවන ලද මාධ්‍ය අධ්‍යයනය හා පුවත්පත් කලාව පිළිබද 10 වන පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරුවන් මෙවර ඩිප්ලෝමාධාරී සහතිකපත්ලාභී කණ්ඩායමට ඇතුළත් වු අතර මීට ප්‍රථම ඩිප්ලෝමාධාරීන් 315 පමණ ඩිප්ලෝමා පාඨමාලාව ලබා දීමට එම මණ්ඩලය කටයුතු කර ඇත. මෙම පාඨමාලාව වර්ෂයක අධ්‍යයන කාලයකින් යු‍ක්ත වේ.

    ජනමාධ්‍ය ක්ෂේත්‍රයට මෙම ඩිප්ලෝමාධාරීන් වෘත්තීය වශයෙන් පිවිසෙන්නේ රට ඉතාම වැදගත් පරිවර්තනයක් ඉල්ලා සිටින මොහොතක බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම පරිවර්තනය රජයක, ආයතනයක, සංවිධානයක කාර්යභාරයක් නොවන බව පැවසී ය. මෙරට සියලුම පුරවැසියන් එම පරිවර්තනය අවබෝධයෙන් යුතුව තමන්ගේ වගකීමක් ලෙස සලකා කටයුතු කළහොත් බලාපොරොත්තු වන ස්ථාවර වෙනසට යාමට හැකිවන බව ද පැවසී ය.

    එක්තරා යුගයක දී ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ කාර්යභාරය වුයේ ජනමාධ්‍යවේදින් සහ ජනමාධ්‍ය ආයතන විෂයෙහි ප්‍රමුඛ වූවත්  වර්තමානයේ අභියෝග වී ඇත්තේ පුරවැසියා සම්බන්ධයෙන් බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා පුවත්පත් මණ්ඩලය 1973 වර්ෂයේ දී ආරම්භ කර 1981 වර්ෂයේ දී පුවත්පත් මණ්ඩලය හරහා පුවත්පත් මාධ්‍යවේදීන්ට ආචාරධර්ම සංග්‍රහයක් හදුන්වා දෙන විට තිබුණු තත්ත්වයට වඩා වෙනස්ම තත්ත්වයක් වර්තමානය වන විට උදා වී පවතින බව සඳහන් කළේ ය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මාධ්‍ය මඟින් සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට දක්වන සැලකිල්ලට සාපේක්ෂව බැලීමේ දී එම සාවද්‍ය ප්‍රවෘත්තිය සමාජ ගතවන ප්‍රමාණයටම එය නිවැරදි කිරීමට එම මාධ්‍ය ආයතන සැලකිලිමත් නොවන බව සඳහන් කළේ ය. පොදු ජනතාවට මාධ්‍ය නිසා සිදුවන පීඩාවන් මෙන් ම විවිධ ආකාරයේ බලපෑම වලින් ඔවුන් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වන අතර එවන් අවස්ථා වල දී පුරවැසියාගේ අයිතීන් ආරක්ෂා කර දීම වෙනුවෙන් රජයක් හැටියට යම් යම් නීති පැනවීමට ද සිදුවන බව ද අවධාරණය කළේ ය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය වර්තමානයේ ප්‍රධාන ධාරාවන් කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වන බවත්, එහි දී  මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම, මාධ්‍යට අදාළ කටයුතු වර්ධනය කිරීම, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම මෙන් ම, මාධ්‍ය ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පීඩාවන් ගෙන් පුරවැසියා ආරක්ෂා කර ගැනීම පිළිබඳවත් අවදානය යොමුකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

    මෙහි දී අදහස් දැක්වු බුද්ධශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ජනමාධ්‍ය විෂය වර්තමානයේ වගකීම, වගවීම, ඒ වගේ ම ආචාර ධාර්මික බව, වෘත්තීය බව මේ සියල්ල තුළ බෙහෙවින් ම අභියෝගයට බදුන් වී ඇති බව සඳහන් කළේ ය.

    “සන්නිවේදන නව ප්‍රවණතා හමුවේ මාධ්‍ය අධ්‍යාපනයේ වැදගත්කම” යන මැයෙන් මෙම උත්සවයේ විශේෂ ආරාධිත දේශණය කැලණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා විසින් පවත්වන ලදී.

    ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට, පාඨමාලා සමායෝජක සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්.ඒ.කේ.එල් විජේනායක, පුවත්පත් මණ්ඩලයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ ඩබ්.දයාරත්න යන මහත්වරු ඇතුළු  පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන්, පාඨමාලාවේ සම්පත්දායකයින්, ඩිප්ලෝමාධාරීන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගී වුහ.

    පෙර පුව​තරන් මාලයක් කොල්ලකෑමට ගිය සැකකාරියක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලින් රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට

    සබැ​ඳි පුවත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

    2026-02-19

    විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ

    2026-02-19

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group