මාතර බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
පසුගිය දිනවල බන්ධනාගාරයෙන් උණ රෝගීන් 17 දෙනෙකු වාර්තා වීමත් සමඟ බන්ධනාගාරය තුළ දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගනු ලැබුවේ.
කෙසේ වෙතත් උණ රෝගය හේතුවෙන් මාතර රෝහලට ඇතුළත් කළ එක් රෝගියෙකු මියගිය අතර පසුගිය පැය 48 ක කාලය තුළ කිසිදු රෝගීයෙකු වාර්තා වී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක මහතා සඳහන් කළා.