මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක අයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා.
ඊයේ දහවල් වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගොස් මොවුන් මෙම අනතුරට මුහුණ ප තිබෙනවා.
අතුරුදන් වූ පාසල් සිසුන් සොයා අද උදසනද මෙහෙයුම් කටයුතු ආරමභ කල අතර එහිදී එක සිසුවකුගේ සිරුර සොයා හනිමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.
මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණේ කඹුරුපිටිය නාරංදෙණිය ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනෙක් .













