දුම්රිය දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාලයේ වහලයක කොටසක් කැඩී ගොස් අති බව වාර්තා වනවා.
ඊයේ(29) රාත්‍රීයේ පැවැති අධික සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස වහලයේ කොටසක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
වහලය කඩා වැටීම නිසා මරාදන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් නිකුත් කරනු ලබන කාර්යාලයට තරමක හානි සිදුව ඇති බැවින් එම කාර්යාලයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතුවලටද මේ වන විට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම තාවකාලිකව ඒම කාර්යාලයේ වෙනත් ස්ථානයකට ගෙන යාමත් සමග කාර්යාලයේ කටයුතු ආරම්භ කර තිබෙනවා.