මහ සිකුරාදා දිනය අදට යෙදී තිබෙනවා.
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය මහ සිකුරාදා දිනයේදී සිහි කෙරෙනවා.
අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස සහ පුණ්‍ය ක්‍රියා සිදු කරමින් එය මෙනෙහි කළ කිතුණු බැතිමතුන් මහ සිකුරාදා දිනයේදී දේවස්ථානවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්ට එක්වෙනු ඇති.
මහ සිකුරාදා දිනයට නියමව ඇති වත්පිළවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් කටයුතු කරන අතර ඊට සමගාමීව කතෝලික දේවස්ථානවල පැය තුනක දේව මෙහෙයක් පැවැත්වෙනවා.
මහ සිකුරාදා දිනයට පසු එළැඹෙන ඉරිදාවේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසය වන අතර එම දිනය පාස්කු ඉරිදා ලෙස හැඳින්වෙනවා.














